Full 1
ශ්‍රී ලංකාව තුළ පළිබෝධනාශක සහ පොහොර සුරක්ෂිත හා සුදුසු භාවිතය ප්‍රවර්ධනය කිරීම​
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්
ක්‍රියාත්මක කරන ලද තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතිය 2021-2026
Full 1
previous arrow
next arrow

ව්‍යාපෘති විස්තරය

ව්‍යාපෘතිය ගැන

ශ්‍රී ලංකාව තුළ පළිබෝධනාශක සහ පොහොරවල ආරක්ෂිත සහ සුදුසු භාවිතය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (SAFE ව්‍යාපෘතිය) ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝග ඇතිව ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලදී.

දිගු කාලීනව ගොවීන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව ඉහළ යාමට, පරිසරයට හා සෞඛ්‍යයට ඇති වන බලපෑම අඩුවීමට, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු වීමට හා අපනයන වැඩි දියුණුවීමට හේතුවන සුරක්ෂිත හා ගුණාත්මක භෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ශවකාර ආයතනවල ධාරිතාව ශක්තිමත් කිරීම ව්‍යාපෘතියේ පරමාර්ථය විය.

ව්‍යාපෘතිය අදියර 2 කින් සහ නිමැවුම් 4 කින් සමන්විත වූ අතර, ඒ තුල අත්හදාබැලීම්, වැඩමුලු, පුහුණුවීම්, පුහුණුකිරීම් ආදී ඉලක්ක රාශියක් විය. මෙම ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා උපකාරී වූ විස්තීරණ ක්‍රියාකාරී සැලසුම, තාක්ෂණික පැකේජ, පුහුණු වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් සඳහා පුහුණු ආධාරක කිහිපයක් සකස් කරන ලදී.

අපගේ ගමන

ව්‍යාපෘති කාල රාමුව

අප්‍රේල් 2020 - මාර් තු 2021

සැලසුම් කිරීමේ අදියර

නිමැවුම 1: විස්තීරණ ක්‍රියාකාරී සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ අදියර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සකස් කෙරේ.

ඔක්තෝබර් 2023 - මාර් තු 2026

ක්‍රියාත්මක කිරීමේ අදියර​

නිමැවුම 2: ආරක්ෂිත සහ ගුණාත්මක භෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්‍ෂණය සහ ව්‍යාප්ති පැකේජය සංවර්ධනය කර වලංගු කෙරේ.

නිමැවුම 3: රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඇතුළු ව්‍යාප්ත සේවකයින් සහ ගොවීන් තාක්ෂණය සහ ව්‍යාප්ති පැකේජ භාවිතය සඳහා පුහුණු කරනු ලැබේ.

නිමැවුම 4: ක්‍රියාත්මක කිරීමේ අදියර හරහා ලබාගත් අත්දැකීම් සහ දැනුම විස්තීරණ ක්‍රියාකාරී සැලසුම්වලට පිළිබිඹු වේ.

The project for Promotion of Safe and Appropriate Use of Pesticides and Fertilizers in Sri Lanka

Project Sites