ශ්‍රී ලංකාව තුළ පළිබෝධනාශක සහ පොහොරවල ආරක්ෂිත සහ සුදුසු භාවිතය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (SAFE ව්‍යාපෘතිය) ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝග ඇතිව ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලදී.
දිගු කාලීනව ගොවීන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව ඉහළ යාමට, පරිසරයට හා සෞඛ්‍යයට ඇති වන බලපෑම අඩුවීමට, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු වීමට හා අපනයන වැඩි දියුණුවීමට හේතුවන සුරක්ෂිත හා ගුණාත්මක භෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ශවකාර ආයතනවල ධාරිතාව ශක්තිමත් කිරීම ව්‍යාපෘතියේ පරමාර්ථය විය.
ව්‍යාපෘතිය අදියර 2 කින් සහ නිමැවුම් 4 කින් සමන්විත වූ අතර, ඒ තුල අත්හදාබැලීම්, වැඩමුලු, පුහුණුවීම්, පුහුණුකිරීම් ආදී ඉලක්ක රාශියක් විය. මෙම ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා උපකාරී වූ විස්තීරණ ක්‍රියාකාරී සැලසුම, තාක්ෂණික පැකේජ, පුහුණු වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් සඳහා පුහුණු ආධාරක කිහිපයක් සකස් කරන ලදී.